(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඩුබායිහි සිට මෙරටට පිටුවහල් කිරීමෙන් අනතුරුව අත් අඩංගුවට ගෙන පොලීසිය භාරයේ සිටින මොහොමඞ් නජීම් මොහොමඩ් ඉම්රාන් හෙවත් කංජිපානි ඉම්රාන්ගෙන් තවදුරටත් රඳවාගෙන ප්රශ්න කිරීමට කොළඹ මහේස්ත්රාත් අධිකරණය, කොළඹ අපරාධ කොට්ඨාශයට අද (07) තවදුරටත් අවසර ලබා දුන්නේය.
ඒ්, කොළඹ අතිරේක මහේස්ත්රාත් බණ්ඩාර නෙලූම්දෙණීය හමුවට ඉදිිරිපත් කිරීමෙන් අනතුරුවයි.
එහිදී සැකකරු ලබන මස 04 වනදා යළිත් මහේස්ත්රාත් නිරීක්ෂණය සඳහා ඉදිරිපත් කරන ලෙසට මහේස්ත්රාත්වරයා නියෝග කළේය.








