FAST NEWS

24×7 Around the Globe

ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය ඇතිව නියෝජ්‍ය පොලිස්පතිවරුන් 08 කට ස්ථාන මාරුවීම්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය පරිදි අග්‍රාමාත්‍ය ආරක්ෂක කොට්ඨාශයේ නියෝජ්‍ය පොලිස්පතිවරයා ඇතුලු තවත් නියෝජ්‍ය පොලිස්පතිවරුන් 08 දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබාදී තිබේ.

ඒ අනුව නියෝජ්‍ය පොලිස්පති කේ.වී.ඩී .ඒ.ජේ.කරවිට අග්‍රාමාත්‍ය ආරක්ෂක කොට්ඨාශයේ සිට අග්‍රාමාත්‍ය ආරක්ෂක දිසාව ලෙස මාරුකර යවා ඇත.

නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාශයේ සිට පොලිස්පතිගේ මාණ්ඩලික නියෝජ්‍ය පොලිස්පති ලෙස පොලිස් මුලස්ථානයට මාරුකර යවා තිබේ.

පොලිස් මාධ්‍ය ඒකකය සදහන් කළේ බදවා ගැනීම් , පුහුණු , මානව සම්පත් කළමණාකරණය සහ ජාත්‍යන්තර සබධතා දිසාවේ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කල පී.පී එස් එම් ධර්මරත්න මහතා බදවා ගැනීම්, පුහුණු හා ජාත්‍යන්තර සබදතා භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස පත් කර ඇති බවයි

නුගේගොඩ කොට්ඨාශයේ නියෝජ්‍ය පොලිස්පති ලෙස කටයුතු කළ යු.පී.ඒ.ඩී.කේ.පී. කරුණානායක මොණරාගල දිසාවට මාරු කර යවා  ඇති අතර මහනුවර කොට්ඨාශයේ නියෝජ්‍ය පොලිස්පති එම්.එන්.සිසිර කුමාර මානව සම්පත් කළමණාකරණ දිසාව වෙත මරු කර යවා බවයි මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය වැඩිදුරටත් සඳහන් කළේ.