FAST NEWS

24×7 Around the Globe

හිටපු ගුවන් හා නාවික ප්‍රධානීන් වෙත ජනපතිගෙන් ඇගයීමක්

(ෆාස්ට්නිව්ස් |කොළඹ) – හිටපු නාවික හමුදාපති විශ්‍රාමික අද්මිරාල් වසන්ත කරන්නාගොඩ සහ හිටපු ගුවන් හමුදාපති විශ්‍රාමික එයර් චීෆ් මාෂල් රොෂාන් ගුණතිලක යන මහත්වරුන් ගෞරවනීය නිලයකින් පිදුම් ලබයි.

ත්‍රස්තවාදය රටින් තුරන් කිරිම සඳහා සිදු කළ අද්විතිය මෙ‍හෙවර ඇගයීම සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් මෙම ගෞරවනිය නිලයන් පිරිනමා ඇත.

හිටපු නාවික හමුදාපති විශ්‍රාමික අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතා ‘අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්’ යන ගෞරවනීය නිලයෙන් ද හිටපු ගුවන් හමුදාපති විශ්‍රාමික එයර් චීෆ් මාෂල් රොෂාන් ගුණතිලක මහතා ‘මාෂල් ඔෆ් ද එයාර් ෆොස්’ යන ගෞරවනීය නාමයෙන්ද  පිදුම් ලබා තිබේ.