FAST NEWS

24×7 Around the Globe

ගම්පහ නීතිවිරෝධී සුරාසැල් වටලන්න අඛණ්ඩ මෙහෙයුමක්

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ගම්පහ දිස්ත්‍රික්කයේ සියලුම නීතිවිරෝධී මත්පැන් අලෙවිසැල් වැටලීමේ මෙහෙයුමක් ආරම්භ කර ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුව සදහන් කරයි.

පසුගියදා මීරිගම – බාඳුරාගොඩ නීතිවිරෝධී කසිප්පු තිප්පොලකින් කසිප්පු බීමෙන් පුද්ගලයින් 11 දෙනෙක් මියගොස් 20 දෙනෙකු රෝහල් ගත කිරීමේ සිද්ධිය හේතුවෙන් සුරාබදු දෙපාර්තමේන්තුව මෙම මෙහෙයුම ආරම්භ කර ඇත.

ගම්පහ සුරාබදු සහකාර කොමසාරිස් ධර්මකීර්ති මහතාගේ මගපෙන්වීමෙන් ගම්පහ, ජාඇල, මීගමුව, මීරිගම, දිවුලපිටිය සුරාබදු ස්ථානවලින් කණ්ඩායම් පහක් පෙරේදා (04) සිට පැය 24 කාලය පුරා මෙම වැටලීම් සඳහා යොදවා ඇති අතර , ගම්පහ දිස්ත්‍රික්කයෙන් මෙම නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම මුලුමනින්ම තුරන් කිරීම මෙහි අරමුණ බවද නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා පැවැසීය.