FAST NEWS

24×7 Around the Globe

බත්තරමුල්ලේදී ගිනි අවියක් සහ හෙරොයින් සමඟ සැකකරුවෙක් අල්ලයි

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් ඊයේ (05) බත්තරමුල්ල ප්‍රදේශයේ සිදුකළ විශේෂ වැටලීමකදී විදේශ රටක නිෂ්පාදිත ගිනි අවියක් සහ හෙරොයින් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.

එහිදී සැකකරු සන්තකයේ තිබී විදේශ රටක නිෂ්පාදිත මිලිමීටර් 09 වර්ගයේ පිස්තෝලයක්, ඒ සඳහා යොදන පතොරොම් 10 ක් සහ හෙරොයින් ග්‍රෑම් 16 ක් පොලිස් විශේෂ කාර්ය බලකා භාරයට ගෙන තිබේ.

මෙලෙස පොලිස් විශේෂ කාර්ය බලකා නිළධාරීන්ගේ අත්අඩංගුවට පත්ව ඇත්තේ 32 හැවිරිදි මාළඹේ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.