FAST NEWS

24×7 Around the Globe

ගුරු මාරු ප්‍රඥප්තිය සංශෝධනය කිරීමට පියවර

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  ගුරුවරුන් මාරු කිරීම සඳහා 2007 වසරේ සිට මේ දක්වා ක්‍රියාත්මක වන ගුරු මාරු ප්‍රඥප්තිය සංශෝධනය කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

ගුරුවරුන්ගෙන් ඉටුවන හා ඉටුකරන ජාතික සේවාව පූර්ණ සැලකිල්ලට ගෙන ඉතා සාධාරණ ස්වාධීන හා විනිවිද පෙනෙන ගුරුමාරු ජාතික ප්‍රතිපත්තිය ක්‍රියාත්මක විය යුතු බවට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අදාළ අංශවලට ලබා දුන් උපදෙස් අනුව මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක වේ.

රාජ්‍ය සේවයේ සෙසු මාරුවීම් ප්‍රඥප්ති හා ගැලපෙන පරිදි ගුරු මාරු ප්‍රඥප්තිය ද සකස්විය යුතු බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ද අවධානයට යොමු වී තිබුණු අතර රාජ්‍ය සේවා කොමිසමේ කාර්ය පටිපාටි හා රීතින්ට අනුව ගුරුමාරු ප්‍රඥප්තිය ද සකස් විය යුතු බවට කොමිසම විසින් කරන ලද ඉල්ලීමකට අනුව මෙම සංශෝධන සිදුකිරීමට අමාත්‍යාංශය ක්‍රියා කරනු ලබයි.

අදාළ සංශෝධන සිදු කිරීමේ දී ගුරු වෘත්තීය සමිති සමඟ ද සාකාච්ඡා කොට ඔවුන්ගේ අදහස් හා යෝජනා ද අවධානයට ගැනීමට කටයුතු කර තිබේ.