FAST NEWS

24×7 Around the Globe

කඩුගන්නාවේ සිට මහනුවර දක්වා විශේෂ රථ වාහන සැලැස්මක් – පොලිසිය

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –   මහනුවර ඵෙතිහාසික ඇසල පෙරහර මංගල්‍යය පැවැත්වෙන කාලසීමාව තුළ සෑම දිනකම පස්වරු 1.00 සිට 7.00 දක්වා කඩුගන්නාවේ සිට මහනුවර දක්වා මාර්ගයේ වම් පස කොටසෙහි රථ වාහන නතර කර තැබීම සම්පූර්ණයෙන් තහනම් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කරයි.

පෙරහැර අවසන් වීමෙන් පසුව ද මහනුවර සිට කඩුගන්නාව දක්වා මාර්ගයේ විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ඊයේ (05) පැවති මාධ්‍ය හමුවකදී සදහන් කළේය.