FAST NEWS

24×7 Around the Globe

නුගේගොඩ ඝාතනයට අදාළව සැකකරුවන් 08 ක් අත්අඩංගුවට

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – නුගේගොඩ ජම්බුගස්මුල්ල ප්‍රදේශයේදී පසුගිය 28 වනදා ජීප් රථයකින් ගමන් කරමින් සිටි ව්‍යාපාරිකයකුට වෙඩි තබා ඝාතනය කිරීමට සහ තවත් ව්‍යාපාරිකයකුට බරපතල තුවාල සිදුකිරීමට සම්බන්ධ සැකකරුවන් 07 දෙනෙකු සහ සැකකාරියක, ඒ සදහා යොදාගත් වාහන 05 ක් සහ අවි ආයුධ සමග අත්අඩංගුවට ගත් බව කොහුවල පොලිසිය පවසයි.

ඊට අමතරව සුපිරි වෑන් රථයක්, මෝටර් රථයක්, යතුරු පැදි දෙකක්, ත්‍රිරෝද රථයක් මෙන්ම දුරකථන 4 ක්, පිස්තෝලයක්, ජීව උණ්ඩ 07 ක් ද අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ මොරටුමුල්ල, දෙහිවල, මත්තේගොඩ යන පොලිස් ස්ථානවල නිලධාරීන්ගේ ද සහාය ඇතිව සී.සී.ටී.වී දර්ශන උපයෝගී කරගනිමින්.

මෙම සැකකරුවන් දෙහිවල, කොස්ගම, අම්බලන්ගොඩ, අහුංගල්ල යන ප්‍රදේශවල පදිංචි 23 – 45 අතර පසුවන අය බව ද වැඩිදුරත් වාර්තා වෙයි.