FAST NEWS

24×7 Around the Globe

ගලගොඩඅත්තේ හිමියන්ට ඓරෙහි නඩුව ගැන නීතිපතිට යලිත් සිහිකැඳවීමක්

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට එරෙහිව ගොණු කර ඇති නඩුවට අදාල උපදෙස් ලබාදෙන ලෙස දන්වා නීතිපතිවරයාට නැවත සිහිකැඳවීමක් කිරීමට අධිකරණය විසින් අද (05) නියෝග කරනු ලැබීය.

ඉස්ලාම් ආගමට සහ කුරානයට අපහාස වන අයුරින් ප්‍රකාශයක් සිදුකළ බවට ඥාණසාර හිමියන්ට එරෙහිව චෝදනා එල්ල වෙයි.

කොළඹ මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මෙනවිය විසින් මෙම නියෝගය ලබා දුන්නාය.

ඒ නඩුවට අදාලව මෙතෙක් නීතිපති උපදෙස් ලැබී නොමැති බවට විමර්ශන නිලධාරීන් අධිකරණය හමුවේ කළ කරුණු දැක්වීම සැලකිල්ලට අදාළ නියෝගය නිකුත් කළහ.