FAST NEWS

24×7 Around the Globe

මරණ දණ්ඩනය අහෝසි කරන යෝජනාව නීත්‍යානුකූල නොවන බව නීතිපති ජනපතිට දන්වයි

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහි මරණ දණ්ඩනය ක්‍රියාත්මක කිරීම අහෝසි කිරීමේ යෝජනාව නිත්‍යානුකූල නොවන බවට නීතිපතිවරයා විසින් දැනුම් දුන් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව සදහන්කර සිටියේ අද (05) පෙරවරුවේ දිවුලපිටිය මහජන ක්‍රීඩාංගණයේ පැවති, රට වෙනුවෙන් එකට සිටිමු, ගම්පහ දිස්ත්‍රික් වැඩසටහනේ සමාප්ති උත්සවය අමතමිනි.

මත්ද්‍රව්‍ය විරෝධෙී සටනට එරෙහිව නැගෙන හඬ හමුවේ වඩා සතුටට පත්වන්නේ රටේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්, අපරාධකරුවන් සහ ස්ත්‍රී දූෂකයන් බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ඔවුන්ගේ අරමුණු ඉටුකර ගැනීමට කිසිදු අවස්ථාවක ඉඩ නොතැබිය යුතු බව ද කියා සිටියේය.