FAST NEWS

24×7 Around the Globe

ගතවු පැය 24 තුල බීමත් රියදුරන් 174 දෙනෙකු අත්අඩංගුවට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පසුගිය ජුලි 05 වනදා ආරම්භ කෙරුණු බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ විශේෂ මෙහෙයුම යටතේ ගතවු දින 30 තුලදී බීමත් රියදුරන් 7318 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිසිය පැවසුවේ ගතවු පැය 24 තුල බීමත් රියදුරන් 174 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි.

කෙසේවෙතත් මෙය අදින් අවසන් වීමට නියමිතව තිබුණු අතර මෙම විශේෂ මෙහෙයුම අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ.