FAST NEWS

24×7 Around the Globe

පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට ජනාධිපතිව කැදවීම සඳහා ආරාධනයක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කැදවීම සඳහා දිනයක් ඉල්ලා ආරාධනයක් කරන බව එම තේරීම් කාරක සභාවේ සභාපති නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි ප්‍රකාශ කර තිබේ.

මිට අමතරව හෙට (06) පස්වරුට 6 .00 ට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තේරීම් කාරක සභාව වෙත කැදවා ඇති අතර අමාත්‍යවරුන් වන සාගල රත්නායක මහතා සහ රංජිත් මද්දුම බණ්ඩාර මහතාද කැඳවා ඇත.

තේරීම් කාරක සභාවේ සභාපති නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි තවදුරටත් කියා සිටියේ රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා ද සාක්ෂි ලබාදීම සඳහා කැදවා ඇති බවයි.