FAST NEWS

24×7 Around the Globe

මෙම වසරේ මුල් මාස 6 තුළ සුරාබදු වැටලීම් 25,000ක් – සුරාබදු කොමසාරිස් ජනරාල්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – සුරාබදු දෙපාර්තමේන්තුව යටතේ නීති විරෝධී මත්පැන් තුරන් කිරීමේ වැඩසටහන තුළින් වසරේ මුල් මාස 6 තුළ පමණක් නීති විරෝධී සුරාබදු වැටලීම් 24,150ක් සිදු කර තිබේ.

ඒ නීති විරෝධී ලෙස මත්පැන් නිපදවීම, එම මත්පැන් ළග තබා ගැනීම, ආසවනය කරන ලද ස්පීතු ළග තබා ගැනීම, උපකරණ ළග තබා ගැනීම, නීති විරෝධී ලෙස මත්පැන් විකිණීම, නීති විරෝධී ලෙස විදේශීය මත්පැන් විකිණීම ඇතුළු චෝදනා යටතේ බව සුරාබදු කොමසාරිස් ජනරාල් එච්.ජී. සුමනසිංහ මහතා පවසයි.

2018 වසරේ වැටලීම් 49,312 ක් සිදුකර ඇති අතර, එයින් ලද දඩ මුදල් රු. මිලි. 253 ක මුදල් අදාළ පළාත් සභා වල ගිණුම් වලට බැර කර ඇත.

සුරාබදු දෙපර්තමේන්තුව මගින් සිදු කරනු ලබන මෙම වැටලීම්වලින් ලැබෙන දඩ ආදායම ඊට අදාළ පළාත් සභාව වෙත බැර කෙරේ.

2014 වසරේ දී සුරාබදු ආදායම දැක්වුණේ රුපියල් බිලියන 69ක් ලෙසයි.

එහෙත් 2019 වසරේ සුරා බදු ආදායම් ඉලක්කය රුපියල් බිලියන 130 ක් වන අතර මේ වසරේ ජූලි මස වන විට රුපියල් බිලියන 68 ක් සුරාබදු ආදායම වශයෙන් ලබාගෙන තිබේ.