(ෆාස්ට්නිව්ස් |කොළඹ) – වැල්ලවත්ත ප්රදේශයේ ලක්මුතු සෙවන නිවාස සංකීරණයේ දෙපිරිසක් අතර ඇතිවු ගැටුමට සම්බන්ධ එක අයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.
ඊයේ (04) රාත්රී 10 .45ට පමණ එම ප්රදේශයේ පිරිසක් හා පුද්ගලික කොන්ත්රාක් සමාගමක පිරිසක් අතර ගැටුම හටගෙන තිබේ.
පොලීසිය සහ ආරක්ෂක අංශ මැදිහත්ව එම ගැටුම සමථයකට පත් කර ඇත.
මෙහිදී ගැටුම්කාරී තත්ත්වය පාලනය කිරීම සඳහා පොලසීය මෙන්ම පොලිස් විශේෂ කාර්ය බලකාය සහ කැරලි මර්ධන එකකයද කැඳවා තිබිණි.
ගැටුම් හෙතුවෙන් එම දෙපාර්ශවයේ පුද්ගලයින් තිදෙනෙකු සහ පොලිස් නිලධාරීන් තිදෙනෙකු සුළු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට හා කළුබෝවිල රෝහලට ඇතිලත් කර ඇති බව පොලීසිය සඳහන් කරයි.
බීමත්ව ඇති වු ආරවුලක් මත මෙම ගැටුම හටගෙන ඇති බවට තොරතුරු අනාවරණය වි ඇත.
වැල්ලවත්ත පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.








