(ෆාස්ට් නිව්ස් | කොළඹ) – දඹුල්ල මහ නගර සභාවේ පොදුජන පෙරමුණේ නාගරික මන්ත්රී අනුර බණ්ඩාර අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
අද අලුයම් කාලයේදී දඹුල්ල – ඉබ්බන්කටුව ප්රදේශයේදී අසල්වැසි පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහරදී තුවාල සිදුකිරීමේ චෝදනාව මත මෙම අත්අඩංගුවට ගැනීම සිදුව ඇත.
තුවාලකරු මේ වනවිට දඹුල්ල රෝහලේ ප්රතිකාර ලබන අතර, ඔහුගේ තත්ත්වය බරපතල නොවන බවත් රෝහලේ ප්රකාශිකාවක් පැවසීය.








