FAST NEWS

24×7 Around the Globe

දළදා පෙරහැරේ ආරක්ෂාව සදහා ලක්ෂ 600 ක් වටිනා ආරක්ෂණ පද්ධතියක්

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  වාර්ෂිකව පැවැත්වෙන ‍‍ඵෙතිහාසික මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයට සමගාමීව ශ්‍රී දළදා මාළිගා පරිශ්‍රයේ ආරක්ෂාව සඳහා රුපියල් ලක්ෂ 600 ක වියදමින් ආරක්ෂණ පද්ධතියක් ස්ථාපිත කිරීමට කටයුතු කර ඇත.

එමෙන්ම , සියලු ප්‍රවේශ දොරටුවල මෙම ආරක්ෂණ පද්ධතිය ස්ථාපිත කර ඇති අතර, එමඟින් මාළිගාවට ඇතුලු වන සියලු පිරිස් විශේෂ පරීක්ෂාවට ලක් කෙරෙන බව දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග කියා සිටියේය.

මහනුවර පෙරහර පැවැත්වෙන කාලසීමාව තුළ පොලිස් විශේෂ කාර්ය බලකායද ඇතුලුව පොලිස් නිලධාරීන් 7000 කට අධික පිරිසක් රාජකාරියේ යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර සඳහන් කළේය.