(ෆාස්ට් නිව්ස් | කොළඹ) – වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ස්වේච්ඡා මාගෝපදේශකයින් ආරම්භ කළ වර්ජනය අත්හිටුවා තිබේ.
ඒ නව බදවා ගැනීම් අත්හිටුවන ලෙස සහ ස්වේච්ඡා මාර්ගෝපදේශකයින් 357 දෙනෙකු යළි සේවයේ පිහිටුවන ලෙස ඉල්ලමින්.
ඔවුන් මෙම වර්ජනය අත්හිටුවා ඇත්තේ අදාළ ගැටළුව සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, වනජීවි විෂය භාර අමාත්‍යවරයා සහ අමාත්‍යාංශ ලේකම්වරයා සමඟ පැවති සාකච්ඡාවෙන් අනතුරුවයි.
පසුගිය බ්‍රහස්පතින්දා වනජීවි මාර්ගෝපදේශකයින් සංකේත වර්ජනයක් ආරම්භ කළ අතර, ඉන් පසු බත්තරමුල්ල – ජයන්තිපුර පිහිටි වනජීවී දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක් ද සිදුකළා.








