FAST NEWS

24×7 Around the Globe

සහරාන් හෂීම්ගේ අනුගාමිකයින් දෙදෙනෙක් TID යට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ජාතික තව්හිත් ජමාද් සංවිධානයේ නායක සහරාන් හෂීම්ගේ අනුගාමිකයින් දෙදෙනෙකු වැඩිදුර විමර්ශන සඳහා ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාශයට භාර දී තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ පසුගිය මැයි මස මුල දී බිබිල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් මොවුන් දෙදෙනා සහරාන් සමඟ හම්බන්තොට කඳවුරේ පුහුණුව ලැබූ දෙදෙනෙකු බවයි.