(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කුමන බාධක ආවද රටේ අනාගතය ශක්තිමක් කර, සෞභාග්‍යයෙන් බබලවන්නට තමන් සුදානම් බව අමත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
ඔහු පැවසුවේ රට ගොඩ නගන වැඩසටහන,ජනතාව ශක්තිමත් කරන වැඩසටහන,ජනතාව ජීවත් කරවන වැඩසටහනට දැනටමත් තමන් අවතීර්ණ වී ඇති බවයි.
මේ රටේ වත්මන් ජනතාව,ඉපදෙන්නට සිටින පරපුරේ වගකීම භාර ගන්නා බවට තමන් මේ රටේ ජනතාවට පොරොන්දු වන බවයි සජිත් ප්‍රේමදාස මන්ත්‍රීවරයා පැවසුවේ.
සෙන්පති නන්දිමිත්‍රගම ආදර්ශ ගම්මානය ජනතා අයිතියට පත්කිරීමේ අවස්ථාවට එක් වෙමින් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසීය.








