(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මාධ්‍යවේදී උපාලි තෙන්නකෝන් මහතාට සහ ඔහුගේ බිරිඳට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි යුද හමුදා විශ්‍රාමලත් බලලත් නිලධාරී ලලිත් රාජපක්ෂ ඇප මත මුදා හැරීමට ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය අද (02) නියෝග කර තිබේ.
ඒ රුපියල් 25,000ක මුදල් හා රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප 3ක් මත මුදාහැරීමටයි ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් ඩී.ඒ. රුවන් පතිරණ මහතා එහිදී නියෝග කළේ.
එමෙන්ම සැම ඉරුදිනකම පෙරවරුවේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසද සැකකරුට නියම කෙරුණේය.
විදේශගතව සිටින මාධ්‍යවේදී උපාලි තෙන්නකෝන් ප්‍රකාශ කර සිටියේ හඳුනා ගැනීමේ පෙරට්ටුවක් සඳහා අද සැකකරු ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණත් ඒ සඳහා සාක්ෂිකරුවෙකු ලෙස සහභාගිවීමට නොහැකි බවයි.
ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලා ඇත්තේ හඳුනා ගැනීමේ පෙරට්ටුව අවලංගු කරන ලෙසටයි.
මාධ්‍යවේදී උපාලි තෙන්නකෝන් මහතා සහ ඔහුගේ බිරිඳට ගම්පහ ඉඹුල්ගොඩ ප්‍රදේශයේදී පහරදී තිබුණේ 2009 වසරේ ජනවාරි මස 23වනදායි.
මෙම නඩුව ලබන ඔක්තෝම්බර් මස 25වනදා යළි කැදවීමට නියමිතයි.








