FAST NEWS

24×7 Around the Globe

අද (02) රාත්‍රියේ සිට මෝදර ප්‍රදේශයේ රථ වාහන ධාවනය සීමා කෙරේ.

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මෝදර – මුතුවැල්ල මාවත ශාන්ත ජේම්ස් හන්දියේ සිට ඩිලාසල් හන්දිය දක්වා වූ මාර්ගයේ අද (02) රාත්‍රී 10.00 සිට ලබන 5 වන දා අලූයම 5.00 දක්වා රථ වාහන ගමනාගමනය සීමා කරන බව පොලීසිය පවසයි.

ජල නළ එලීමේ කටයුත්තක් හේතුවෙන් එලෙස රථ වාහන ධාවනය සීමා කෙරෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනය කර සිටියේ ලබන 9 වන දා රාත්‍රී 10.00 සිට 12 වන දා අලූයම 5.00 දක්වා සහ 16 වැනිදා  රාත්‍රී 10.00 සිට 19 වන දා අලූයම 5.00 දක්වා ද එම මාර්ගයේ රථ වාහන ධාවනය සීමා කෙරෙන බවයි

මේ අතර, ලබන 2 වැනිදා රාත්‍රී 10.00 සිට 5 වැනිදා අලූයම 5.00 දක්වා සහ 9 වැනිදා රාත්‍රී 10.0 සිට 12 වැනිදා අලූයම 5.00 දක්වා මෝදර වීදිය – මාදම්පිටිය හන්දියේ සිට රජමල්වත්ත පාර හන්දිය දක්වා වූ මාර්ගය ද ජල නළ එළීම හේතුවෙන් රථ වාහන ධාවනය සීමා කෙරෙයි.

මේ හේතුවෙන් විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.