FAST NEWS

24×7 Around the Globe

අලි රොෂාන් ඇප මත මුදාහැරේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – බලපත්‍ර නොමැතිව අලි ඇතුන් පස් දෙනෙකු ළග තබා ගැනීම සම්බන්දයෙන් චෝදනා එල්ල වී ඇති නිරාජ් රොෂාන් හෙවත් අලි රොෂාන් ඇතුලූ 08 දෙනා රුපියල් 25,000 ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 50 බැගින් වු ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණ විනිසුරු මඩුල්ල අද (02) නියෝග කළේය.

මෙම නඩුව නිතීපතිවරයා අධි චෝදනා 36ක් යටතේ පවරා ඇති නඩුව විකුම් කලූආරච්චි,ධම්මික ගනේපොල සහ ආදිත්‍ය පටබැදි යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ සලකා බැලුවේය.

කෙසේවෙතත් මෙම නඩුව ලබන 30 වනදා යලි කැදවිමට නියමිතයි.