(ෆාස්ට් නිව්ස් | කොළඹ) – හම්බන්තොට නගරාධිපති එරාජ් රවීන්ද්‍ර ප්‍රනාන්දු සහ හේමසිරි පරණමාන්නට වසර 5 ක සිර දඩුවමක් හම්බන්තොට මහාධිකරණ විනිසුරු තාමර තෙන්නකෝන් මහතා විසින් නියෝග කර තිබේ.
ඒ 2014 වසරේදි මත්තල ගුවන් තොටුපල හා හම්බන්තොට වරායේ නිරීක්ෂණ චාරිකාවක යෙදුණු එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසකට ගිනි අවියක් පෙන්වා පහරදීමට තැත් කිරීමයි.
මෙම නඩුවේ සැකකරුවන් ලෙස නම් කර සිටි තවත් 3 දෙනෙකු නිදොස් කොට නිදහස් කිරීමටද අධිකරණය නියම කළ අතර මෙම නඩුව වසර 05 කට ආසන්න කාලයක් විභාගයට ගැනුණේය.








