(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මරදාන මාලිගාකන්ද පාර ප්රදේශයේදී සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා ජාතික රෝහලට ඇතුළත් කළ බව පොලිසිය පවසයි.
මුදල් ආරවුලක් හේතුවෙන් සිදු වූ බහින් බස්වීමක් දුර දිග යාමෙන් වෙඩි තැබීම සිදුව ඇති බව පොලීසිය සඳහන් කරයි.
සිද්ධියෙන් තුවාල ලබා ඇත්තේ 77 හැවිරිදි වැල්ලම්පිටිය ප්රදේශයේ පදංචිකරුවෙක්.
වෙඩි තැබීම සිදු කළ පුද්ගලයා පළා ගොස් ඇති අතර , ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ක්රියාත්මක බව පොලිසිය පවසයි.








