(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අගෝස්තු 05 වනදා ආරම්භවීමට නියමිත උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතු අදියර 03 ක් යටතේ සිදුකිරීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.
ඒ අනුව , පළමු අදියර යටතේ මේ මස 28 වැනිදා සිට සැප්තැම්බර් 13 වැනිදා දක්වාත්, දෙවන අදියර යටතේ සැප්තැම්බර් 15 වැනිදා සිට ඔක්තෝම්බර් 01 වැනිදා දක්වාත් , තෙවන අදියර යටතේ සැප්තැම්බර් 24 වැනිදා සිට ඔක්තෝම්බර් 08 වැනිදා දක්වාත් ඇගයීම් ක්‍රියාත්මක කිරීමට නියමිත බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
පිළිතුරු පත්‍ර ඇගයීමේ පළමු අදියර යටතේ පාසල් 12 ක් වසා තැබේ.
මේ අතර, ගුරු – විදුහල්පති වැටුප් විෂමතා ඉවත් කිරීමට කටයුතු නොකළහොත් ලබන 20 වැනිදා සිට ආරම්භ වීමට නියමිත උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතුවලින් ඉවත් වන බව සමස්ත ලංකා උපාධිධාරී ගුරු සංගමය අනතුරු අගවයි.








