(ෆාස්ට් නිව්ස් | කොළඹ) – රාජ්‍ය ආයතනවල දූෂණ වංචා සෙවීමට පත්කළ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ පොලිස් ඒකකය වෙත අද පස්වරු 3.30 ට පමණ සාක්ෂි ලබාදීම සදහා පැමිණි බව අප වාර්තාකරු පැවසුවේ.
ඒ කෘෂිකර්ම අමාත්‍යාංශය පවත්වාගෙන යන රාජගිරියේ පිහිටි ගොඩනැගිල්ල පිළිබඳව ලැබී ඇති පැමිණිල්ල සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවලට අදාළවයි.
——————————————————————————————————————————–
සබිතාට ජනාධිපති කොමිසම වෙත පැමිණීමට වෙනත් දිනයක්
ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ පොලිස් ඒකකය වෙත අද (01) පෙරවරුවේ පැමිණීමට නියමිතව සිටි රංගන ශිල්පිනී සබීතා පෙරේරා ඊට වෙනත් දිනයක් ඉල්ලා තිබේ.
පෞද්ගලික හේතුවක් මත තමන්ට අද දිනයේ ජනාධිපති කොමිසම වෙත පැමිණිය නොහැකි බැවින් ඇයට මේ මස 05 වනදා කොමිසම වෙත පැමිණ ප්‍රකාශයක් ලබාදෙන ලෙසට දැනුම් දී ඇත.
කෘෂිකර්ම අමාත්‍යාංශය පවත්වාගෙන යන බත්තරමුල්ලේ පිහිටි පෞද්ගලික ගොඩනැගිල්ල පිළිබඳ ලැබී ඇති පැමිණිල්ලට අදාළව ප‍්‍රකාශයක් ලබා ගැනීම සදහා අදාළ කැදවීම සිදුකර ඇත්තෙ.
මෙම සිද්ධියට අදාළව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක හිටපු කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා ද මෙම කොමිසම හමුවේ පසුගියදා සාක්ෂි ලබාදුන්නේය.








