FAST NEWS

24×7 Around the Globe

අයි.එස්. මර්ධනයට විදෙස් බුද්ධි අංශවල සහය අවශ්‍යයි – රුවන්

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  ISIS  ත්‍රස්තවාදය මර්දනය කිරීම සඳහා වෙනත් රටවල බුද්ධි අංශයන්ගේ සහයෝගය අවශ්‍ය බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා සදහන් කරයි.

රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටින්නේ අමෙරිකානු එෆ්.බී.අයි ඔත්තු සේවාවේ නිලධාරින් මෙරටට පැමිණ ඇත්තේ අදාල ත්‍රස්තවාදී කටයුතු මැඩපැවැත්වීම සඳහා සහයෝගය පල කිරිමට බවයි.

අමාත්‍යවරයා මේ බව පවසා සිටියේ , හදිසි නීතිය තවත් මසකින් දීර්ඝ කිරිමේ යෝජනාව සම්බන්ධයෙන් ඊයේ (31) පැවැති විවාදයේදී අදහස් දක්වමින්ය.