FAST NEWS

24×7 Around the Globe

පැෆරල් – රජයෙන් ඉල්ලීමක් කරයි

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  ජනාධිපතිවරණය සහ පළාත් සභා මැතිවරණය එකම දිනයක පවත්වන ‍ලෙසට පැෆරල් සංවිධානය රජයෙන් ඉල්ලීමක් කර තිබේ.

එම සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා කියා සිටියේ මැතිවරණ දෙකම එකම දිනයක පවත්වන්නේ නම් අවම වශයෙන් රුපියල් කෝටි 200 ක මුදලක් රටට ඉතිරි කර ගැනීමට හැකියාව පවතින බවයි.

එමෙන්ම , පළාත් සභා මැතිවරණය පැවැත්වීමට හැකිවන පරිදි අවශ්‍ය නීතිමය පියවර ගන්නා ලෙසටත් ජනාධිපතිවරයාගෙන් , අග්‍රාමාත්‍යවරයාගෙන් සහ කතානායකවරයාගෙන් ඉල්ලීමක් කළ බවද රෝහණ හෙට්ටිආරච්චි මහතා වැඩිදුරටත් පැවසීය.