(ෆාස්ට් නිව්ස් | කොළඹ) – රජයේ සහ රජයේ අනුමත සිංහල හා දෙමළ පාසල්වල දෙවන වාරය අදින් අවසන් වෙයි.
තෙවන වාරය සඳහා එම පාසල් ලබන සැප්තැම්බර් මස දෙවනදා නැවත ආරම්භ කරන බවත් අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කළේය.
මේ අතර, 05 වැනි ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය ලබන 04 වැනිදා පැවැත්වෙන අතර අගෝස්තු මස 05 වනදා සිට අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය ආරම්භ වනු ඇත.








