FAST NEWS

24×7 Around the Globe

පුජීත්ගේ පෙත්සම සලකා බැලිම සැප්තැම්බර් 17 කල් යයි

 

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – තමන්ව අනිවාර්යය නිවාඩු යැවීමට ගත් තීරණය නීති විරෝධී යැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම සළකා බැලීම සැප්තැම්බර් මස 17 වැනිදා දක්වා කල් තැබීමට එල්. ටී .බී දෙහිදෙණිය සහ එස්. තුරෙයිරාජා යන මහත්වරුන්ගෙන් සමන්විත ද්වි පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල අද (31) නියම ‍කළේය.

මෙම පෙත්සම් විභාගය ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ සිදුකළ යුතු බව සඳහන් කරමින් පෙත්සම සළකා බැලිම 9/17 තෙක් කල් තැබීය.

පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ද අධිකරණය හමුවේ පෙනී සිටියේය.