(ෆාස්ට් නිව්ස් | කොළඹ) – නරපති යුගයේ සිට ජනපති යුගය දක්වා පොළොන්නරුව පුරවරය පිළිබඳ සකස් කළ පර්යේෂණාත්මක හා ශාස්ත්‍රිය ග්රන්ථයක් අද (31) එළිදැක්වීමට නියමිතය.
කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලවේදී අද පස්වරු 4.00 ට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය පැවැත්වෙනු ඇත.
ෂිසෙල්ස් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති ටිකිරි බණ්ඩාර ගුණතිලක මහතා විසින් ග්‍රන්ථය රචනා කර ඇති අතර, මොරගහකන්ද ඩ්‍රීම් රෙසර්වෝ හා පොළොන්නරුව හඩ ග්රන්ථ එළිදැක්වීම ද මෙහිදී සිදු කෙරෙයි.








