(ෆාස්ට් නිව්ස් – කොළඹ) – ආණ්ඩු පක්ෂයෙන් පමණක් නොව විරුද්ධ පක්ෂයෙන්ද අනෙක් පක්ෂවලින්ද පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වගකීම් ඉටු නොවුණ බව අඟරඳගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ අද (31) පෙරවරුවේ පැවැති මාධ්‍ය හමුවකදී සඳහන් කළහ.
එසේම පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පත්කළ කොමිෂන් සභාවන්හි අපක්ෂපාතී, විනිවිද හා ස්වාධීන බවක් පෙනෙන්නට නොමැති බවත් උන්වහන්සේ පැවැසූහ.
මැතිවරණයක් පැවැත්වීමට පෙර මෙම ව්‍යවසනය පිළිබඳව සැබෑ විමර්ශනයක් කළ යුතු බවත් සියලු බලතල සහිත ස්වාධීන කොමිෂමක් පත්කළ යුතු බවත් උන්වහස්නේ සඳහන් කළහ.
ඇතැම් පක්ෂ හා පුද්ගලයන් දේශපාලන පක්ෂ සම්බන්ධකර ලේබල් ඇලවීමට පුවත්පත් හා මාධ්‍ය යොදාගැනීම පිළිකුල් සහගත ලෙස හෙළා දකින බවත් උන්වහන්සේ වැඩිදුරටත් පැවැසූහ.








