(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ජාතික පාසල් විදුහල්පති පුරප්පාඩු සඳහා වන ආදර්ශ අයදුම්පත්‍රය හා තොරතුරු අද (31) ප්‍රකාශයට පත්කිරීමට නියමිත අතර , අදාළ තොරතුරු අධ්‍යාපන අමාත්‍යාශයේ වෙබ් අඩවියට පිවිසීමෙන් ලබාගත හැක.
අයදුම්පත් භාර ගැනීම ලබන මස 21 වනදායින් අවසන් වෙයි.
අයදුම්පත් කැඳවීම සිදුවන්නේ රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සහ අධ්‍යාපන සේවා කමිටුවේ නියමයට අනුකූලවයි.
2016 වසරෙන් පසුව බඳවාගෙන ඇති විදුහල්පතිවරුන්ගේ සංඛ්‍යව මේ වනවිට හාර දහසකට ආසන්න වන අතර , තවත් විදුහල්පතිවරුන් 1918 ක් බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ ක්‍රියාත්මක බවත් රජය පවසයි.








