FAST NEWS

24×7 Around the Globe

නුගේගොඩ – ජම්බුගස්මුල්ලේ වෙඩි තැබීමේ සිද්ධියට පුද්ගලයෙකු අත්අඩංගුවට

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පසුගිය 28 වනදා නුගේගොඩ – ජම්බුගස්මුල්ල ප්‍රදේශයේදී වෙඩි තබා ව්‍යාපාරිකයෙකු ඝාතනය කර තවත් ව්‍යාපාරිකයෙකුට තුවාල සිදුකිරීමේ සිද්ධියට ආධාර අනුබලදීමට අදාළව සැකකරුවෙකු බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

39 හැවිරිදි මෙම සැකකරු නුගේගොඩ – ගංගොඩවිල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්.

සැකකරුගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී වෙඩි තැබීම සිදුකිරීමට පැමිණි පුද්ගලයින් පැළද ආ හිස් වැසුම් දෙක ද සොයාගෙන තිබේ.

අදාළ සිද්ධියෙන් එක් ව්‍යාපාරිකයෙකු මිය ගිය අතර අනෙක් ව්‍යාපාරිකයා මේ වන විට කළුබෝවිල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබයි.