FAST NEWS

24×7 Around the Globe

ඇමති රිෂාඩ් බදියුදීන් වැඩ භාර ගනියි

 

(ෆාස්ට් නිව්ස් – කොළඹ) –  කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගුකාලීන අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම සමූපකාර සංවර්ධන සහ වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන අමාත්‍යවරයා ලෙස ඊයේ (29) දිනයේ දිව්රුම් දුන් රිෂාඩ් බදීයුදීන් මහතා අද (30) පෙරවරුවේ වැඩ භාර ගත්තේය.

කොළඹ 03 පිහිටි කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේදි එ මහතා මෙසේ වැඩ භාර ගත්තේය.

මෙම අවස්ථාවට කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගුකාලීන අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම සමූපකාර සංවර්ධන සහ වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන රාජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ මහතාද එක්ව සිටියේය.