FAST NEWS

24×7 Around the Globe

අමාත්‍ය රිෂාර්ඩ් බදියුදීන් ඇතුළු මුස්ලිම් මන්ත්‍රීවරු කිහිපදෙනක් දිවුරුම් දෙයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අමාත්‍ය ධුර වලින් ඉවත් වූ මුස්ලිම් මන්ත්‍රීවරු කිහිපදෙනෙක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ මීට ටික වේලාවකට පෙර ජනාධිපතිවරයාගේ නිල නිවසේදී අමාත්‍ය ධුර සඳහා දිවුරුම් දී තිබේ.

සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා කර්මාන්ත හා වානිජ කටයුතු දිගුකාලීනව අවතැන් වූ පුද්ගලයින් නැවත පදිංචි කිරීම, සමූපකාර සංවර්ධන සහ වෘත්තිය පුහුණු හා නිපුණතා සංවර්ධන අමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙන ලදී.

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් මහතා දිවුරුම් දුන්නේ නගර සැලසුම් ජල සම්පාදන හා උසස් අධ්‍යාපන අමාත්‍යවරයා ලෙසත් අමීර් අලී මහතා කෘෂිකර්ම වාරිමාර්ග හා ග්‍රාමීය ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේය.

අබ්දුල්ලා මහරුෆ් මහතා දිවුරුම් දුන්නේ වරාය හා නාවික කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසයි.

මේ අතර, මීට පෙර කර්මාන්ත හා වානිජ කටයුතු දිගුකාලීනව අවතැන් වූ පුද්ගලයින් නැවත පදිංචි කිරීම, සමූපකාර සංවර්ධන සහ වෘත්තිය පුහුණු හා නිපුණතා සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ධුරයේ කටයුතු කළ බුද්ධික පතිරණ මහතා එම අමාත්‍යාංශයේම රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා ඉදිරියේ අද (29) දිවුරුම් දී තිබේ.