FAST NEWS

24×7 Around the Globe

මෙරට මුහුදු සීමාවේ සිටි ඉන්දීය ධීවරයින් 07 ක් නාවික හමුදා භාරයට

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – නීතිවිරෝධී ලෙස මෙරට මුහුදු සීමාවේ ධීවර කටයුතුවල නිරතවූ ඉන්දීය ධීවරයින් හත්දෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

උතුරු නාවික විධානයට අනුයුක්ත වේග ප්‍රහාරක මුර ‍යාත්‍රාවක් මඟින් තලෙයිමන්නාරම ප්‍රදිපාගාරයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී සිදු කරනු ලැබු මුර සංචාරයක් අතරතුරදි නීති වි‍රෝධි ලෙස ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ මසුන් අල්ලමින් සිටියදි මොවුන් මෙලෙස නාවික හමුදා බාරයට ගෙන ඇත.

නාවික හමුදා බාරයට පත් ධීවරයින් වයස අවුරුදු 18, 22, 26, 30 සහ 36 වන වියෙහි පසුවන අය බවත් වාර්තා වෙයි.

අදාළ ධීවරයින් පිරිසත් සමග නාවික හමුදා බාරයට ගත් ඉන්දීය ධීවරයින් සහ ට්‍රෝලර් යාත්‍රාව නාවික හමුදා වේග ප්‍රහාරක මුර ‍යාත්‍රාව මඟින් උතුරු මැද නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා ‘තම්මැන්නා’ ආයතනය වෙත රැගෙන ඒමට කටයුතු කර ඇත.