FAST NEWS

24×7 Around the Globe

මැදවච්චිය – අනුරාධපුර මාර්ගයේ අනතුරකින් තිදෙනෙක් ජීවිතක්ෂයට

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  මැදවච්චිය – අනුරාධපුර මාර්ගයේ වහමළුගොල්ලෑව ප්‍රදේශයේදී ඊයේ රාත්‍රී 11.50 ට පමණ පෞද්ගලික බස් රථයක් සහ ලොරි රථයක් මුහුණට මුහුණලා ගැටී සිදුවූ අනතුරකින් තිදෙනෙක් මියගොස් තවත් පස්දෙනෙකු තුවාල ලබා ඇති බව පොලිසිය පවසයි.

අනතුරින් මියගිය අය අතර 12 හැවිරිදි පිරිමි දරුවෙකු , අනෙක් දෙදෙනා අවුරුදු 30 සහ 53 යන වයස්වල අය බවත් ඔවුන් යාපනය – නල්ලූර් ප්‍රදේශයේ පදිංචිකරුවන් වන බවත් පොලිසිය සදහන් කරයි.

සිද්ධියෙන් තුවාල ලැබූවන් පස්දෙනා මැදවච්චිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර රෝහලට මාරුකර යවා තිබේ.

බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර, ලොරි රථයේ රියදුරු පලාගොස් ඇති බවද පොලීසිය ප්‍රකාශ කරයි.