FAST NEWS

24×7 Around the Globe

පේරාදෙණිය සරසවියට නව පාඨමාලා 02 ක්

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – 2020 වසරේ සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලයට නව උපාධි පාඨමාලා 2ක් හඳුන්වා දී තිබේ.

ඒ අනුව 2018/2019 අධ්‍යයන වර්ෂයේදී පේරාදෙණිය විශ්ව විද්‍යාලයට භූගෝලීය තොරතුරු විද්‍යාව සහ සමාජ වෘතවේදය යනුවෙන් අධ්‍යයන පාඨමාලා දෙකක් හඳුන්වා දී තිබේ.

එම පාඨමාලා 02 සඳහා සිසුන් 100 දෙනෙකු තෝරාගෙන තිබේ.

මීට අමතරව කොළඹ විශ්ව විද්‍යාලයට තොරතුරු සන්නිවේදන තාක්ෂණය විෂයය අලුතින් හඳුන්වා දී තිබෙන අතර එම පාඨමාලාවටද සිසුන් 50 දෙනෙකු තෝරාගෙන ඇත.