FAST NEWS

24×7 Around the Globe

දුම්රිය සේවාව නවීකරණය වීමත් සමඟ දුම්රිය ප්‍රවේශ පත්‍ර ගාස්තු වැඩිවීමක් ?

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – දුම්රිය සේවාව අලුත්වැඩියා වීම හේතුවෙන් දුම්රිය ප්‍රවේශ පත්‍ර ගාස්තුද ඉහල යා හැකි බව ප්‍රවාහණ හා සිවිල් ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ මහතා පවසයි.

ඒ ඊයේ (26) අරලියගහ මන්දිරයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

මෙහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ 2024 වසර පමණ වන විට මෙරට තුළ විදුලි දුම්රිය සේවා ආරම්භ කරන බවයි.

එමෙන්ම මෙරට තුල කණු මත දිවෙන සැහැල්ලු දුම්රිය සේවාවද ආරම්භ කරන බැවින් දුම්රිය ගාස්තු සංශෝධනයක් සිදුවිය හැකි බවට අශෝක අබේසිංහ මහතා සඳහන් කළේය.