(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහි ඩී.ඒ රාජපක්ෂ කෞතුකාගාර නඩුවේ එක් චෝදනාවක් ඉවත් කිරීමට නිතිපතිවරයා එකගවීම සම්බන්ධයෙන් විරෝධතා ඇත්නම් අගෝස්තු 30 වනදා අධිකරණයට දන්වන්නැයි පළමු විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය විත්තියේ නීතිඥයින්ට දැනුම්දෙනු ලැබුවේය.
රාජ්‍ය මුදල් මුදල් අවභාවිත කරමින් ඩී.ඒ රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරයක් ඉදිකිරිමට ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුලු 07 දෙනෙකුට එරෙහිව චෝදනා එල්ල වෙයි.
අද නඩුව කැදවු අවස්ථාවේදි රජය වෙනුවෙන් පෙනි සිටි නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල් දිලිප පිරිස් මහතා අධිකරණයට දැනුම් දුන්නේ මෙම නඩුව විභාගයට ගැනිම ලබන ඔක්තෝම්බර් 01 වනදා තෙක් වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය නියෝගයක් නිකුත් කර ඇති බවයි.
ඒ අනුව මෙම නඩුව අගෝස්තු 30 වනදා තෙක් කල් දැමීමට පළමු විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය නියෝග කළහ.








