(ෆාස්ට් නිව්ස් | කොළඹ) – යාල වනෝද්‍යානයේ නීති විරෝධීව මැණික් ගරමින් සිටි පිරිසක් හා වනජීවී නිලධාරීන් අතර වෙඩි හුවමාරුවක් සිදුව ඇත.
යාල කලාප අංක 03 ප්‍රදේශයේ මැණික් ගගේ ඔවුන් මැණික් ගරමින් සිට ඇති බව පොලිසිය පවසයි.
මෙහිදී සිදුවූ වෙඩි තැබීමෙන් ජාවාරම්කරුවෙකුට වෙඩි වැදී ඇති අතර ඔහුද කැටුව නීති විරෝධිව මැණික් ගරමින් සිටි සැකකරුවන් තිදෙනෙකු පළා ගොස් තිබේ.
23 හැවිරිදි කතරගම වල්ලිමාතාගම ප්‍රදේශයේ පදංචිකරුවෙක් මෙලෙස තුවාල ලබා ඇති අතර , ඔහු මේ වන විට හම්බන්තොට රෝහලේ ප්‍රතිකාර ලබයි.
එම ස්ථානයේ තිබී ජංගම දුරකතන 03 ක් ඇතුළු මැණික් ගැරීමට යොදා ගත් උපකරණ කිහිපයක් ද පොලීසිය භාරයට ගෙන ඇත.








