FAST NEWS

24×7 Around the Globe

රංජිත් මද්දුම බණ්ඩාර සහ පී. හැරිසන් විසින් දරන ලද අමාත්‍ය ධූරයන්වල වෙනසක්

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා විසින් දරන ලද රාජ්‍ය පරිපාලන, ආපදා කළමනාකරණ සහ ග‍්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍ය ධුරය රාජ්‍ය පරිපාලන, ආපදා කළමනාකරණ සහ පශු සම්පත් සංවර්ධන අමාත්‍ය ධුරය ලෙස සංශෝධනය කර ඇත.

එමෙන් ම අමාත්‍ය පී. හැරිසන් මහතා විසින් දරන ලද කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය ධුරය කෘෂිකර්ම, ග‍්‍රාමිය ආර්ථික කටයුතු, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය ධුරය ලෙස සංශෝධනය වී තිබේ.

අමාත්‍යවරු දෙදෙනා වෙත නව පත්වීම් ලිපි පිළිගැන්වීම ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා අතින් අද (26 ) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය. ජනාධිපති ලේකම් උදය ආර්.සෙනෙවිරත්න මහතා ද මෙම අවස්ථාවට සහභාගී විය.