FAST NEWS

24×7 Around the Globe

අද (26) සිට බෞද්ධාලෝක මාවතේ විශේෂ රථවාහන සැලැස්මක්

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  බෞද්ධාලෝක මාවතේ, ස්ටැන්ලි විජේසුන්දර මාවත මං සන්ධියේ සිට තුම්මුල්ල වට රවුම දක්වා අද (26) සිට ඔක්තෝම්බර් 25 දක්වා විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව පොලිසිය පවසයි.

කොළඹ මහනගර සභාව සිදුකරන කැණීම් කටයුත්තක් හේතුවෙන් මෙම රථ වාහන සැලැස්ම ක්‍රියාත්ක කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.

මීට මාර්ගයක් ලෙස තුම්මුල්ල වටරවුමෙන් බෞද්ධාලෝක මාවතට ඇතුළු වන වාහනවලට තර්ස්ටන් මාර්ගයෙන්, නිදහස් වටරවුමෙන්, පිලිප් ගුණවර්ධන මාවත, ස්ටැන්ලි විජේසුන්දර මාවත හරහා බෞද්ධාලෝක මාවතට පිවිසිය හැකි බවත් පොලිසිය රියදුරන් වෙත දැනුම් දෙයි.