(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අලි රොෂාන් ඇතුළු විත්තිකරුවන් අට දෙනෙකු නඩු විභාගය අවසන් වනතුරු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අද (25) නියෝග ලැබුණි.
බලපත්‍ර නොමැතිව අලි ඇතුන් පස් දෙනෙකු ළඟ තබා ගැනීම සහ ජාවාරම් කිරීම සම්බන්ධයෙන් ඔවුන්ට එරෙහිව චෝදනා එල්ල වෙයි.
ඊට අදාළ නඩුව අද කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයේදී විභාගයට ගත් අවස්ථාවේදී මෙම නියෝගය ලැබුණු අතර , එහිදී විත්තිකරුවන්ට අධි චෝදනා භාරදීම ද සිදුවිය.
නඩුව වැඩිදුර විභාගය සදහා අගෝස්තු මස 02 වනදා දක්වා කල් තැබීමට අධිකරණය නියෝග කළේය.








