FAST NEWS

24×7 Around the Globe

ත්‍රස්ත ප්‍රහාරයට පෙර කිසිදු තොරතුරක් තමන් වෙත ලැබුණේ නැහැ – ලතීෆ්

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පාස්කු ත්‍රස්ත ප්‍රහාරයට පෙර බුද්ධි අංශ වෙත වාර්තා වී තිබූ කිසිදු තොරතුරක් තමන් වෙත ලැබී නොතිබුණු බව පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ් මහතා පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් විමසා බලන පාර්ලිමේන්තු කාරක සභාව හමුවේ ප්‍රකාශ කර සිටියේය.

අප්‍රේල් 21 වනදාට පෙර වාර්තා වූ බුද්ධි තොරතුරු තමන් වෙත නොලැබුනේ ඇයිද යන්න අදටත් තමන්ට ප්‍රහේලිකාවක් බව එම කාරක සභාව හමුවේ සාක්ෂි ලබාදෙමින් ලතීෆ් මහතා කියා සිටියේය.

ආරක්ෂක කවුන්සලයේ රැස්වීම් සඳහා අද වන විටත් තමන්ට කැඳවීමක් නොමැති බවද ජ්‍යෙෂ්ඨ නියොජ්‍ය පොලිස්පති එම්. ආර්. ලතීෆ් මහතා වැඩිදුරටත් ප්‍රකාශ ලබාදෙමින් කියා සිටියේය.