FAST NEWS

24×7 Around the Globe

ලබන සෙනසුරාදා (27) සිට කොළඹ – නුවර මාර්ගයේ ගමනාගමනය සීමා කෙරෙයි

 

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – කෑගල්ල පොලිස් වසමේ වෑවලදෙනිය රජමහා විහාරස්ථානයේ පවත්වන වාර්ෂික පෙරහැර හේතුවෙන් ලබන සෙනසුරාදා (27) දින රාත්‍රී 07 සිට කොළඹ-මහනුවර ප්‍රධාන මාර්ගයේ රංවල හන්දිය සිට මීපිටිය හන්දිය දක්වා ගමනාගමන කටයුතු සීමා කෙරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනයක් නිකුත් කරමීන් පවසයි.

ඒ අනුව එදින සිට පෙරහැර අවසන් වන දින තෙක් මෙසේ ගමනාමන කටයුතු සීමා කෙරෙන බව සඳහන්.

මෙම තත්වය මත අදාළ කාල සීමාව තුළ ඉහත මාර්ගයේ ගමන් කරන ජනතාව ඒ සඳහා විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලිසිය ඉල්ලා සිටියි.

ඒ අනුව කොළඹ සිට පැමිණෙන වාහන රංවල විකල්ප මාර්ගය ඔස්සේ මීපිටිය මාර්ගය දක්වා ගමන් කර ප්‍රධාන මාර්ගයට පිවිස ගමන් කළ හැකිය.

එසේම මහනුවර සිට කොළඹ දක්වා ගමන් ගන්නා වාහන මීපිටිය විකල්ප මාර්ගය දක්වා ප්‍රධාන මාර්ගයට පිවිසිය හැකි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිකුත් කළ නි‍වේඳනයෙහි වැඩි දුරටත් සඳහන් වෙයි.