FAST NEWS

24×7 Around the Globe

ගෝඨා එරෙහි නීතිපති ගොනු කළ නඩුව විභාග කිරීම අත්හිටුවයි

 

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – හම්බන්තොට, මැදමුලන, ඩී ඒ රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදි කිරීමේ දී මිලියන 33.9 ක රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළ යැයි චෝදනා කරමින් , හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් පිරිසකට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන නඩුවේ විභාගය ඔක්තෝබර් මස 01 වැනිදා දක්වා අත්හිටුවන ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණය අද (25) නියෝගයක් නිකුත් කර තිබේ.

ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ගොනු කරන ලද විශේෂ අභියාචනා පෙත්සමක් සලකා බලමීන් බුවනෙක අලුවිහාරේ, ගාමිණි අමරසේකර සහ එස්.තුරෙයිරාජා යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් එම නියෝගය නිකුත් කළ බව අප අධිකරණ වාර්තාකරු පවසයි.

අදාළ චෝදනාව සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් 07 දෙනකොට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කර තිබේ.

ඒ අනුව පෙත්සම් විභාගය ඔක්තෝම්බර් මස 01 වනදා කැඳවීමට නියම කළ විනිසුරු මඩුල්ල විශේෂ මහාධිකරණයය හමුවේ පැවැත්වෙන නඩුවේ සාක්ෂි විභාගය අත් හිටුවන ලෙස දන්වා නියෝගයක්ද නිකුත් කර ඇත.