FAST NEWS

24×7 Around the Globe

සී.වී. විග්නේස්වරන්ට එරෙහි නඩුවේ තීන්දුව ලබන 05

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේස්වරන් මහතාට එරෙහිව අභියාචනාධිකරණයේ පනවා ඇති නඩුව සම්බන්ධයෙන් වූ තීන්දුව අගෝස්තු මස 05 වෙනිදා ලබා දීමට නියමිතය.

උතුරු පළාත් සභාවේ හිටපු සමුපකාර හා ධීවර අමාත්‍ය පී. ඩැනීස්වරන් මහතාගේ අමාත්‍යධූරය බලහත්කාරයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් අදාළ නඩුව ගොනුකර ඇත.

උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා හදිසියේම 2017 අගෝස්තු 20 වැනිදා එවකට උතුරු පළාත් සභාවේ සිටි අමාත්‍යවරුන් හතර දෙනාම ඉවත් කොට නව අමාත්‍යවරු හතර දෙනෙකු පත් කරණු ලැබීය.

දින දෙකකට පසුව ඉවත් කළ අමාත්‍යවරු හතර දෙනාගෙන් දෙදෙනෙකුට යළි අමාත්‍යධූර ලබා දුන් නමුත් ඩැනීස්වරන් මහතාට හා පී.සත්‍යලිංගම් මහතාට ආපසු අමාත්‍ය ධූර ලබා නොදුණි.

එහෙත් 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව, පළාත් පාලන හා පළාත් සභා පනත අනුව පළාත් ප්‍රධාන අමාත්‍යවරයාට අමාත්‍යවරුන් ඉවත් කිරීමට බලයක් දී නොමැති බව කියමින් තමාට වූ අසාධාරණයට සාධාරණයක් ඉල්ලා ඩැනීස්වරන් හිටපු අමාත්‍යවරයා අභියාචනාධිකරණයේ නඩුවක් ගොනු කළේය.

ඩැනීස්වරන් මහතා පැවසුවේ විග්නේශ්වරන් මහතා නීති විරෝධි ක්‍රියාවක් සිදුකොට ඇති බැවින් තමන් ඊට එරෙහිව නඩුවක් ගොනු කළ බවයි.