(ෆාස්ට් නිව්ස් | කොළඹ) – තැපැල් දෙපාර්තමේන්තුව සඳහා නව වැටුප් ව්‍යුහයක් සකස් කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.
මෙම ව්‍යුහය අමාත්‍ය මණ්ඩලය වෙත මින් පෙර ඉදිරිපත් කර තිබු අතර, ජනාධිපතිවරයා විසින් රාජ්‍ය අංශයේ වැටුප් සමාලෝචනය සම්බන්ධයෙන් වන විශේෂ කොමිෂන් සභාවේ නිර්දේශ ලබා ගැනීමට යොමු කර තිබේ.
එම කොමිෂන් සභාව විසින් ඉදිරිපත් කරන ලද වාර්තාවේ තැපැල් දෙපාර්තමේන්තුවේ පවතින වැටුප් විෂමතා ඉවත් කිරීම සඳහා වන නිර්දේශ මෙන්ම වෙනත් සේවාවන් හා රාජ්‍ය ආයතන ගණනාවකට අදාළව සිය නිර්දේශ ඉදිරිපත් කරනු ලැබ තිබේ.








